November 12, 2015Fixed by Liyanagamage Ashoka 

Lyrics

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී
ඒ කලු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී
ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතාවී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

Show moreShow less